Psoriasis - කිටිභ / පොතු කබර රෝගය

Psoriasis is a skin disorder that causes skin cells to multiply up to 10 times faster than normal. This makes the skin build up into bumpy red patches covered with white scales. They can grow anywhere, but most appear on the scalp, elbows, knees, and lower back. Psoriasis can’t be passed from person to person.

Psoriasis causes of pathology in Ayurveda

Ayurveda believes that impurities in the blood related to emotional aspects are the cause of the disease. Psoriasis is believed to occur due to reduction in all three doshas (Vata, Pitta, Kapha) in varying degree, but mainly Vata and Kapha according to the Ayurvedic treatments.  

Ayurvedic texts say that psoriasis arises due to an imbalance of two “doshas,” or areas of energy. Practitioners of Ayurvedic medicine call these the “Vata” and “Kapha.” Vata is responsible for controlling bodily functions and could contribute to the dryness and skin scaling of psoriasis.

හැඳින්වීම

ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වන්නේ සමේ රෝග ඇතිවන්නේ “දෝෂ” දෙකක හෝ ශක්ති ක්ෂේත්‍රවල අසමතුලිතතාවය නිසා බවයි. ඒ අනුව සමේ රෝග ඇති වීම තුන් දොස් (වාත, පිත, කප) කිපීමෙන් සිදුවේ.  ඒ අතරින් වඩාත් හේතු වන්නේ වාත හා කප යි.
නමින් විස්තර වන පරිදි ම සමෙහි තැන් තැන්වල ඝනකම වැඩි වී පොතු සහිත වීම පොතු කබර රෝගයේ ස්වාභාවයයි. භයානක රෝගයක් නොවුවද සමේ රෝග අතරින් වඩාත් පීඩාකාරීම රෝගය ලෙස පොතු කබර රෝගය සැලකිය හැකිය.
 පොතු කබර යනු සම මතුපිට ස්ථරයේ නව සෛල නිපදවීමේ වේගය ඉතා වැඩි වීම හේතුවෙන්, මැරුණු කෙරටීන් බහුල සෛල, පොතු වශයෙන් සම මතුපිට (උඩුසම) එකතුවී පතුරු ලෙස ගැලවීමේ ලක්ෂණය ඇති රෝගයකි. මේ සඳහා සාමාන්‍ය ජනගහණයෙන් 2% ක් පමණ ගොදුරු වන නමුත් චර්ම රෝග සායනයේ රෝගීන් අතර සුලභව දක්නට ලැබෙන රෝගී තත්වයකි. මේ සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් නොමැති වීමද ගැටලුවකි

රෝග නිධානය

විවිධ පාර්ශවයන් විවිධාකාරයේ රෝග නිධානයන් පොතු කබර රෝගය (Psoriasis) සඳහා ඉදිරිපත් කලද, ප්‍රධාන වශයෙන් මේ සඳහා හේතුව වී ඇත්තේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පවතින විෂමතාවයන් හා ප්‍රවේණිගතව හට ගැනීමයි.
ඊට අමතර ඇතැම් අවස්ථාවල, ජාන විකෘතිතා (පරම්පරාවෙන් පැවත එන), යම් ආසාදන රෝග තත්ත්ව, මානසික පීඩනය, සමහර ඖෂධ වර්ග, පුරාණ සන්ධිවාත රෝග, අම්ල පිත්ත, අජීර්ණය වැනි රෝගවලින් පසුවත් හටගනී.

හට ගන්නා ප්‍රදේශ

මෙම රෝගය බහුල වශයෙන් හටගන්නේ හිසේ සම, වැලමිට, දණහිස, කන්පෙත්ත, තුනටිය, ඉකිළි සහ යෝනි ප්‍රදේශයද තවත් සමහර විට සිරුරේ කඳ කොටසේ සිට පාද තෙක් ව්‍යාප්ත වී යන්නේය. ගලග්‍රන්ථි ප්‍රදාහය වැනි රෝගයන්ට පසුව මෙබඳු සර්වාංගයේම පැතිරෙන රෝගය දක්නට ලැබේ. සමහර විට ගලග්‍රන්ථි ප්‍රදාහයට පසු රෝගයේ ආරම්භය ඇතිවන්නේය. සමහර විට දෙඅත, මුහුණ ආදී ස්ථානයන්හි වරාටි ඇති වූ විට කැසීම සහ ශ්‍රාවයද හට ගන්නේය.
ඉකිලි හා කිහිලි ප්‍රදේශ වල කාන්තාවන්ගේ පියයුරු වලට යටින් මෙම රෝගය බොහෝවිට දක්නට ලැබෙන්නේ සමෙහි රත්පැහැ වීම වශයෙන් පමණයි.
පොතු කබර රෝගීන්ගේ හිසෙහි ඝනකම පොතු ගැලවීමත්, කුඩු හැලිමත් බොහෝ විට දක්නට ලැබේ.
සමහර රෝගීන්ගේ නියපොතුවලද මෙම ආසාදනය දැකිය හැකිය. මෙවිට නියපොතු මත කුඩා වලවල් ඇති වීමත් නියපොතු දුර්වර්ණ වී ඝනකම් වීමත් කැඩෙන සුළු වීමත් සිදුවේ.මෙම රෝගය අවු 15 ට වැඩි, තරුණ මහලු අයට බහුලව වැළඳේ. කුෂ්ඨ රෝගවලින් මෙම රෝගය පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකිය.

රෝග ලක්ෂණ

මුලින්ම සමෙහි තැනින් තැන රතු පැහැති කුඩා ලප සැදේ. මේවා ටිකෙන් ටික විශාල වී වෘත්තාකාර පුල්ලි ලෙස සමෙන් ඉහලට මතුවේ. ඒ මත ඝණකම් රිදී පැහැති පොතු ඇතිවීම මෙම රෝගයේ විශේෂ ලක්ෂණයකි. එක් රෝගියකුගේ සමෙහි වරකට මිලිමීටර දෙක තුනක සිට සෙ.මි. කිහිපයක් දක්වා විශ්කම්භය සහිත පුල්ලි දැකිය හැකිය. පසුව කැසීමත් සමඟ එම කබොල ගැලවී යයි. එම කබොල්ල ගැලවුන ස්ථානයෙහි රත් පැහැයෙන් යුත් සිවියක් දක්නට ලැබේ. නමුත් වේදනාවක් හට ගන්නේ නැත. ශ්‍රාවයක් නොපවතින අතර වියළි ස්වභාවයක් දක්නට ලැබේ.

ඉහත කී සුලභ රෝග ලක්ෂණ වලට අමතරව පොතු කබර රෝගය කලාතුරකින් වෙනස් ආකාරයකින් දැකිය හැකිය. කුඩා රත්පැහැති ලප එකවරම බහුල වශයෙන් ශරීරයේ මතුවී ටික දිනකින් ඒ මත පොතු හටගනී. සමහර විට උගුරේ බැක්ටීරියා ආසාදනයකට ටික දිනකට පසුව රෝගය ඉස්මතු වෙයි. මෙම පොතු කබර විශේෂය (Guttate psoriasis) බහුලව දක්නට ලැබෙන්නේ ළමා හා තරුණ වයසේ රෝගීන් අතරය. අත්ලෙහි හා යටි පතුලේ කුඩා සැරව බිබිලි ලෙස මතුවීම පොතු කබර රෝගයේ දක්නට ලැබෙන තවත් විරල ආකාරයකි. උණ සමග මුලු ශරීරය පුරාම කහ පැහැති සැරව බිබිලි ඇතිවීම (Pustular psoriasis) තවත් විරල මෙන්ම බැරෑරුම් තත්වයකි. මුලු ශරීරයම ආසාදනයට ලක්වී රත්පැහැ වී ඇත්නම් එයද ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවිය යුතු පොතු කබර රෝගයේ බැරෑරුම් තත්වයකි.

ප්‍රවේණිගත රෝගයකි.


පොතු කබර රෝගය පවුලේ එක් අයකුට ඇත්නම් අනෙක් සාමාජිකයන්ට රෝගය ඇතිවීමේ සම්භාවිතාවය වැඩිය. දෙමව්පියන්ගෙන් එක් අයකුට ඇත්නම් ඔවුන්ගේ දරුවන්ට රෝගය සැදීමේ ඉඩකඩ සියයට දහසයකි. දෙමාපියන් දෙදෙනාටම ඇත්නම් එම සම්භාවිතාවය 50% දක්වා ඉහල යයි.

රෝගය උත්සන්න වන අවස්ථා

-වෛරස් උණ, සෙංගමාලය වැනි වෙනත් රෝගී අවස්ථා ඇතිවීම.
-ශල්‍යකර්ම වලට පසු
-මත්පැන් පානය
-සමහර ඖෂධ භාවිතය (උදා : අධික රුධිර පිඩනයට භාවිතා වන සමහර ඖෂධ වර්ග)
-විභාග, රැකියා අහිමිවීම වැනි අධික මානසික ආතතිය ඇතිකරන අවස්ථා ඇතිවීම.
-අධික කායික වෙහෙස

විවිධාකාරයේ ප්‍රතිකාර විධි කිහිපයක් ඇත

– සමෙහි ආලේපන වර්ග
– හිරු එළිය හෝ UVB / UVA කිරණ
– සති පෙති ඇතුළු පෙති වර්ග හා නික්ෂේපන

වැදගත්,

  • මෙය බෝවන රෝගයක් නොවේ
  • ක්‍රමානුකුලව නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගය සතුටුදායක ලෙස පාලනය කරගත හැක.
  • මත්පැන් පානය මෙම රෝගීන් හට අන් අයටත් වඩා අහිතකරය.
  • ආහාර වලින් රෝගයට බලපෑම් ඇති බවට පැහැදිලි සාධක නැත.
  • රෝගය නිට්ටාවට සුවකරනු ඇතැයි මිත්‍යා විශ්වාසයෙන් අනිසි ප්‍රතිකාර වලට යොමු වීම භයානක ප්‍රතිඵල ඇතිකිරීමට ඉඩ ඇත.    
  • නිසි පරිදි වෛද්‍ය අවවාද පිළිපැදීම මඟින් හොඳින් පාලනය කල හැකි රෝගයකි.

Hurryup , Contact Us Now