Migraine ඉරුවාරදය

රෝගය හඳුනා ගනිමු.

According to Ayurveda, migraines may mostly be associated with an aggravated vata dosha caused due to mental stress or insomnia. The dry nature of vata can make you dehydrated, leading to stiffness of muscles and constipation that trigger a headache

Ayurveda Management for Migraine

Migraine treatment in Ayurveda is stated as Ardhavabedhaka that defines one-sided pain which is intense and piercing in nature. In Ayurveda, Migraine dominated with Vata-Pitta Dosha patient may have intense pain feel Redness and Burning sensation in the eyes.

 ඉරුවාරදය හෙවත් මිග්‍රේන් යනුවෙන් හඳුන්වන්නේ ඉතා දිගු කාලයක් තිස්සේ වරින් වර ඇති වන හිසේ කැක්කුමයි. මෙම හිසරදය ඇති වන වාර ගණන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සාමාන්‍යයෙන් පැය 4 සිට දින 3 ක් දක්වා පැවතිය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී එයට වඩා වැඩි කාලයක් පවතින අවස්ථා ද ඇත. හිසේ කැක්කුමක් සමඟම බොහෝ විට ආහාර මාර්ගය හා ඇස්වල පෙනීම ආශ්‍රිතව රෝග ලක්ෂණ හට ගනී. සාමාන්‍යයෙන් මෙය කාන්තාවන් අතර බහුලවන අතර වයස අවුරුදු 10 සිට 45 දක්වා පුද්ගලයන් අතර දැකිය හැකිය. ආයුර්වේද විද්‍යාවට අනුව ඉරුවාරදය ඇතිවීමට හේතුව, පිත උත්සන්නවී වාතය සමඟ එකතුවීම  ( Pita Dosha+ Vata), වන අතර කප/සෙම  දුබලවිමද මෙය වැඩිවීමට මඟපාදයි. මේ සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාරයේදී ප්‍රතිකාර කරනුයේ සෙම් රෝගයක් ලෙස සැලකීමෙනි.

ඉරුවාරදය ඇති වීමට හේතුව

Reasons
Improper diet and lifestyle cause wadding (damage) of Vata (air) and Kapha (water). As the pain intensifies, the wadding also tarnishes the Pitta dosha (fire), causing a burning sensation in the head, nausea and vomiting. Headache is also often caused by emotional stress, fatigue or insomnia. All these causes are considered along with Ayurvedic observations before the start of Ayurveda headache treatment.

 ඉරුවාරදයට නිශ්චිත හේතුව තවම සොයාගෙන නොමැති වුවද යම් උත්තේජනයකින් පසුව මොළය ආශ්‍රිතව රුධිරවාහීනී විස්තාරණය වීම හේතුවෙන් ඇසට සහ කනට සම්බන්ධ ස්නායු තෙරපීම මෙයට බලපාන බව විශ්වාස කෙරේ. ඉරුවාරදය ආරම්භ වන්නේ මොළයේ ඇතැම් ස්නායු සෛල අධි ක්‍රියාකාරී වී සංඥා නිකුත් කිරීමත් සමඟය. එම සංඥා මඟින්, හිස සහ මුහුණ ප්‍රදේශයේ සංවේදන හඳුනා ගැනීමට වැදගත් වන ත්‍රිශාඛ ස්නායුව (Trigeminal nerve) සක්‍රීය වේ. මෙහිදී, එම ස්නායුවේ සෛල මඟින් ඇතැම් සම්ප්‍රේෂක රසායන ද්‍රව්‍යයන් (Neurotransmitters) නිදහස් වන අතර, එමඟින් මොළයේ ආස්තර වල පවතින රුධිර වාහිනී විස්තාරණය වීම සිදුවේ. මෙම ක්‍රියාවලිය තවදුරටත් සම්ප්‍රේෂක රසායන ද්‍රව්‍යයන් නිදහස් කිරීමට හේතුවන අතර, ඒ නිසාවෙන් ප්‍රදාහයක් (Inflammation) සමඟ වේදනාව ඇතිවේ.
** ස්වසන පද්ධතිය ආශ්‍රිත ඇතැම්  රෝග ( සෙම් රෝග) සඳහා කරන ප්‍රතිකාර හේතුවෙන්ද  ඉරුවාරදය ඇතිවේ. මෙහිදී සෙම දුර්වලවී පිත උත්සන්නවී වාතය සමඟ ක්‍රියාකිරීම සිදු වේ.

ඉරුවාරදය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරනවාද?

වසර ගණනාවක් තිස්සේ, ඉරුවාරදය හටගැනීමට හේතුවන්නේ මොළයේ රුධිර සංසරණයේ වෙනස්වීම් බව බොහොමයක් විද්‍යාඥයින් විශ්වාස කරන ලදි. නමුත්, වර්තමාන විද්‍යාඥයින් බොහොමයක් විශ්වාස කරන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන මොළයේ දුර්වලතාවයන් හෝ දෝෂයන් නිසාවෙන් ඉරුවාරදය හටගන්නා බවයි. ඉරුවාරදය වැළඳෙන සෑම පස්දෙනෙක්ගෙන් හතරදෙනෙකුටම ඉරුවාරදය වැළඳෙන පවුලේ සාමාජිකයෙක් සිටිනු දැකිය හැක. මවට හෝ පියාට ඉරුවාරදය පවතී නම්, දරුවාට ඉරුවාරදය හටගැනීමට 50% ක හැකියාවක් පවතින අතර, මව සහ පියා යන දෙදෙනාටම ඉරුවාරදය පවතී නම්, දරුවාට ඉරුවාරදය හටගැනීමට පවතින හැකියාව 75% ක් දක්වා ඉහළ යයි. එකම පවුලේ සාමාජිකයන් අතර මෙම රෝගය වැළදීමේ හැකියාව වැඩි නමුත් ජානමය හේතුවක් මෙම රෝගය සඳහා තවම සොයා ගෙන නැත.

ඉරුවාරදයේ වර්ග

ප්‍රධාන වශයෙන් ඉරුවාරදයේ වර්ග දෙකක් දැකිය හැකිය.
  • පෙර නිමිති (Aura) සහිත ඉරුවාරදය (Classic migraine)
  • පෙර නිමිති රහිත ඉරුවාරදය (Common migraine)

ඉරුවාරදයේ පෙර නිමිති යනු ඉරුවාරදය ආරම්භ වන බවට සංඥා කරන, එය හටගැනීමට පෙර ඇතිවන රෝග ලක්ෂණ සමූහයකි. හිසරදය හටගැනීමට පැයකට පමණ පෙර පෙරනිමිති ඇතිවිය හැකි අතර, එය විනාඩි 15 ක සිට පැයක දක්වා කාලයක් පැවතිය හැකිය

දෘෂ්‍ය පෙර නිමිති (Visual auras)
  •  නිවි නිවී දිදුලණ දීප්තිමත් තිත් හෝ ආලෝකයන් පෙනීම.
  • දෘෂ්‍ය පථයේ පෙනීම රහිත ලප හෝ ස්ථාන හටගැනීම.
  • පෙනීම බොඳවීම.
  • තාවකාලිකව පෙනීම නැතිවීම.
  •  තරංග හෝ දැති ආකාරයට රේඛා දර්ශනය වීම

ඉරුවාරදයත් සමඟ ඇතිවන අනෙකුත් පෙර නිමිති වලදී වෙනත් සංවේදන වලට ද බළපෑම් ඇතිවිය හැක. ඇතැම් අවස්ථා වලදී හටගන්නා සංවේදනය විස්තර කළ නොහැකි විය හැක. උදාහරණ වශයෙන්, කණ තුළ අසාමාන්‍ය නාදයන් ඇසීම, ගන්ධය වෙනස් වී දැනීම, රස දැනීම වෙනස්වීම, හෝ ස්පර්ශය වෙනස් වී දැනීම දැක්විය හැකිය. දුර්ලභ ඝනයේ ඉරුවාරදයන් වලදී වෙනස් ආකාරයේ පෙර නිමිති ඇතිවිය හැකිය. තාවකාලිකව සිරුරේ පැත්තක් පණ නැතිවීම හෝ හිරිවැටීම. මෙය කරකැවිල්ල හෝ පෙනීමේ හටගන්නා වෙනස්කම් සහිතව ඇතිවිය හැක. අංශභාගය (Stroke) හටගැනීමේදී ද මෙවැනිම රෝග ලක්ෂණ ඇතිවිය හැකි බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාම වැදගත් වේ. තාවකාලිකව අසම්පූර්ණ ලෙස පෙනීම නැතිවීම හෝ තාවකාලිකව මුළුමනින්ම එක් ඇසක පෙනීම නැතිවීම. මෙහිදී ඇස පිටුපස වේදනාවක් ඇතිවිය හැකි අතර, එය හිස පුරා පැතිරිය හැකිය. කරකැවිල්ල, මානසික ව්‍යාකූල බව, හෝ සමබරතාවය නැතිවීම. මෙහිදී හිසේ පිටුපස ප්‍රදේශයේ හිසරදය ඇතිවිය හැකි අතර, කතා කිරීමට අපහසු වීම, කණ තුළ අසාමාන්‍ය ශබ්ද හටගැනීම සහ වමනය හටගැනීම ද දැකිය හැකිය. සිරුරේ හෝමෝන වෙනස්වීම් සමඟ සම්බන්ධ බැවින්, ඉරුවාරදයේ මෙම ආකාරය තරුණ කාන්තාවන්ට වැඩිපුර වැළඳේ. එක දිගට පැය 72 ක් හෝ එයට වැඩි කාලයක් පවතින දුර්ලභ මෙන්ම උග්‍ර වර්ගයේ ඉරුවාරදයක් ද පවතී. එහිදී ඇතිවන හිසරදය සහ ඔක්කාරය ප්‍රබල බැවින්, රෝගියාට බොහෝ අවස්ථා වලදී රෝහල්ගත වීමට සිදුවේ. ඇතැම් ඖෂධ ගැනීමේදී හෝ ඇතැම් ඖෂධ දිගටම ගැනීමෙන් පසුව එකවර නැවැත්වීමේදී ද මෙම ආකාරයේ ඉරුවාරදයන් ඇතිවනු දැකිය හැකිය. ඇස් අවට වේදනාව සහ ඇසේ මාංශ පේශි  අක්‍රීය වීම සමඟ හටගන්නා ඉරුවාරදයන් පවතී. එසේ හටගන්නා අවස්ථා වලදී හැකි ඉක්මනින් රෝහල්ගත වීම ඉතාම වැදගත් වේ. මක්නිසාද, ඇසේ දෘෂ්ටික ස්නායුව (Optic nerve) මත පීඩනයක් ඇතිවීම හෝ රුධිර වාහිනියක උපුලුවක් (Aneurysm) ඇතිවීම වැනි දරුණු රෝග තත්ත්වයකදී ද එවැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක. මෙම ඉරුවාරදය ආකාරයේදී ඇසිපිය බරවී පහතට හැලීම, දෘෂ්ටි පථය තුළ වස්තූන් දෙක දෙක පෙනීම (Double vision), හෝ වෙනත් පෙනීමේ වෙනස්කම් ඇතිවිය හැකිය. සාමාන්‍යයෙන්, පෙර නිමිති රහිත ඉරුවාරදය,  ඉරුවාරදයේ බහුළව දැකිය හැකි ආකාරයයි.  

රෝග ලක්ෂණ

රෝග ලක්ෂණ සමූහයක් ලෙස ඉරුවාරදය ඇතිවේ. ප්‍රධාන රෝග ලක්ෂණ මෙසේ දැක්විය හැක
  •  හිසරදය – හිසේ එක් පැත්තකින් හට ගන්නා තදබල හිසේ කැක්කුමක් ලෙස ඇතිවේ. මෙම හිසේ කැක්කුම පැය කිහිපයක සිට දින කිහිපයක් එක දිගට පැවතිය හැක. මෙම හිසරදය ශාරීරික ක්‍රියාකාරකම් සමඟ උග්‍ර වනු දැකිය හැක. ඇතැම් විට, හිසරදය හිසේ එක් පැත්තක සිට අනෙක් පැත්තට මාරු වන අතර, සමහර අයගේ හිසේ ඉදිරිපස හෝ මුළු හිස පුරාම වේදනාව ඇතිවිය හැකිය.
  •  ආලෝකයට, ශබ්දයට, සහ ගන්ධයන්ට සංවේදී වීම. – ඇස ආලෝකයට අධි සංවේදී වීම නිසා ආලෝකය දැකිය නොහැකි වීම මෙන්ම තීව්ර ශබ්ද ඇසීමේ හැකියාවද හීන වී යයි.
  •  ඔක්කාරය හා වමනය
  •  කරකැවිල්ල
  •  ආහාර අරුචිය
  •  ආලෝකය දෙස එක එල්ලේ බැලීමේ අපහසුව
  •  display screen / විදුලි බුබුළු ආදිය දැකීමේ අපහසුව
  •  Zigzag රටා හා චලන දරාගැනීමේ අපහසුව.
  •  සිරුරට දැඩි උණුසුමක් හෝ සීතලක් දැනීම.
  • සම සුදුමැළි වීම.
  •  වෙහෙසකර බව.
  •  පෙනීම බොඳවීම.
  • දියර ලෙස මළපහ පිටවීම.
  • කලාතුරකින් උණ ඇතිවිය හැක.

සමහර ළමයින්ට මිග්‍රේන් වැළඳුන විට හිසරදය නොමැතිව කැක්කුම, වමනය හා ඔක්කාරය ඇති විය හැක.

ඉරුවාදය ඇති රෝගීන්ගෙන් 10% දෙනෙකුට පමණ රෝග ලක්ෂණ ඇතිවීමට පෙර අනතුරු ඇඟවීමේ සංඥා ඇති විය හැක. තරු හෝ සිග්සැග් වැනි දෑ දිස්වීම, දර්ශන පථයේ අඳුරු ලප දිස්වීම, එක් ඇසක් නොපෙනී යාම යන ලක්ෂණ ප්‍රධාන රෝග ලක්ෂණවලට පෙර ඇති විය හැක.

ඉරුවාදය රෝග ලක්ෂණ මතු කිරීමට හේතුවන සාධක

මොළයේ හටගන්නා ඇතැම් වෙනස්කම් මෙන්ම, පරම්පරාවෙන් පරම්පරාවට ගමන් ගන්නා ඇතැම් ජාන සමඟ හිසරදයන් වල සම්බන්ධතාවයක් ඇති බව පෙනේ. එමෙන්ම, ඇතැම් අයට වෙහෙසකර බව, දීප්තිමත් ආලෝකයන්, කාළගුණ වෙනස්වීම්, සහ වෙනත් සාධක මඟින් ඉරුවාරදය හටගැනීම උද්දීපනය වන අවස්ථා ද පවතී. ඉරුවාරදය හටගැනීමට බහුළව හේතුවන සාධක මෙසේ දැක්විය හැකිය.
  • මානසික ආතතිය (Stress): මෙය ඉරුවාරදය හටගැනීම උද්දීපනය කරන ප්‍රධානතම සාධක වලින් එකකි.
  •  ඇතැම් ආහාර පාන: චීස්, ඇල්කොහොල්, නයිට්‍රේට් වැනි ආහාර ආකලන (Food additives), සහ මොනෝසෝඩියම් ග්ලූටමේට් (Monosodium glutamate or MSG) ඉරුවාරදය හටගන්නා අවස්ථා වලින් 30% දක්වා ප්‍රමාණයකට හේතුවේ.
  •  අම්ල අධික ආහාර.
  •  පිත් අධික වන ආහාර.
  •  යිස්ට් (yeast) අඩංගු ආහාර
  • කැෆේන් (Caffeine): කැෆේන් අඩංගු ආහාර පාන අධිකව ගැනීම මෙන්ම, කැෆේන් අඩංගු ආහාර පාන නිතර ගනිමින් සිට එකවරම නැවැත්වීමෙන් ද හිසරදයන් ඇතිවේ. රුධිර වාහිනී කැෆේන් වලට හුරුවීමෙන් අනතුරුව, එය නොලැබීමෙන් හිසරදය ඇතිවිය හැක. ඇතැම් විට, ඉරුවාරදය පවතින අවස්ථා වලදී කැෆේන් ප්‍රතිකර්මයක් ලෙසද භාවිතා කළ හැක.
  • කාලගුණය සහ පරිසර වෙනස්කම්: තද හිරු එළිය, කුණාටු, වායු පීඩනයේ වෙනස්වීම්, තද සුළං, හෝ මුහුදු මට්ටමේ සිට සිටින උස වෙනස්වීම් ආදිය ඉරුවාරදය හටගැනීම උද්දීපනය කරයි.
  •  ඔසප්වීම.
  • අධික වෙහෙසකර බව.
  •  ආහාර වේල් මගහැරීම සහ ආහාර ගන්නා වේලාවන් වෙනස්වීම.
  •  තද බඩගින්න
  • නින්ද වෙනස්වීම: පමණ ඉක්මවා නිදාගැනීම මෙන්ම, නිදිවැරීම ද ඉරුවාරදය ඇතිවීමට හේතු විය හැකිය.

අම්ල පිත්තය (Gastritis) ඇති අය විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. පළමු වර්ගයේ ඌර්ධව අම්ල පිත්තය, උත්සන්න වීම හේතුවෙන් පිත ඌර්ධව පිත්තය ඉහලට හිස කරා ගමන් කිරීම ඉරුවාරදය ඇතිවීමට ප්‍රධාන හේතුවකි. මෙවැනි අවස්ථාවක රෝගියා වමනය කිරීම තුලින් ක්ෂණික සහනය ලැබේ.

Migraine ඉරුවාරදය සඳහා ප්‍රතිකාර

  • සුදුසු පංචකර්ම ප්‍රතිකාර ක්‍රම.
  • ශිරෝධාර ප්‍රතිකාර
  • සුදුසු ආහාර හා විහරණ. Ayurvedic Foods and Life style.
  • හාතාවාරිය හා කිතුල් පිටි කැඳ  
  • පිත සමන ආහාර පාන.
  • වමන හා විරේක

අවවාදය

  •  අම්ල පිත්තය (Gastritis) රෝගය ඇත්නම් ප්‍රතිකාර කිරීමට ප්‍රථම එය සම්පුර්ණයෙන් සුවකර ගත යුතුය
  •  සෙම් රෝග කොටරප්රදාහය Sinusitis වැනි රෝග ඇත්නම් ඒ සඳහා කරන ප්‍රතිකාර වලින් රෝගය වැඩිවිය හැක 
Senara නිවැරදි ප්‍රතිකාර සඳහා විමසන්න

Hurryup , Contact Us Now