ගැස්ට්‍රයිටිස් / ආමාශයික ප්‍රදාහය (Gastritis)

Ayurvedic Perspective    
In Ayurvedagastritis is known as Urdhvaga Amlapitta. It is caused mainly in people with Pitta constitution. When the Pitta dosha gets vitiated, in such people, there are greater chances of getting gastritis

1. ආයුර්වේදයේ ඇසින් රෝගය දෙස බලමු.​

අම්ල පිත්ත රෝගය (Hyper Acidity) පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කිරීම. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අම්ල පිත්ත රෝගය (Hyper acidity) පුළුල් පරාසයක් ඇති රෝගයක් වන අතර එහි එක් අංශයක් ලෙසට ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය හැඳින්විය හැකිය. ගැස්ට්‍රයිටිස් රෝගය පිළිබඳව හැදෑරීමට වඩා එහි මූලික/ප්‍රධාන ආකාරය වන අම්ල පිත්ත රෝගය (Hyper acidity) ගැන හැදෑරීම සුදුසු වේ. අම්ල පිත්ත රෝගය යනු, ආහාර ජීර්ණ පද්ධතියේ ආමාශය ආශ්‍රිතව සෑදෙන රෝගී තත්වයකි. බොහෝ අවස්ථා වලදී එම රෝගයටම ආවේණික වූ රෝගී ලක්ෂණ පවතී. මෙම රෝගය සඳහා මූලික හේතුව වන්නේ, නූතන කාර්‍යබහුල ජීවන ක්‍රමයයි.

2. ගැස්ට්රයිටිස් දෙයාකාර වේ.​

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අම්ල පිත්ත රෝගය දෙයාකාර වේ. ඒ අනුව සෑදෙන රෝගී ලක්ෂණ ද දෙයාකාර වේ.

1. ඌර්ධවගත අම්ල පිත්තය
2. අධෝගත අම්ල පිත්තය
අම්ල පිත්තය යනු, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයක් වේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව රෝගයක් හටගැනීම සිදුවන්නේ තුන්දොස් කිපීම මගිනි. අම්ල පිත්ත රෝගය පිත්තජ රෝගයක් වන අතර අවශේෂ කරුණු ලෙසට සෙම සහ වාතය කිපීමක්ද සිදුවිය හැකිය.
 

ශරීරයේ පවතින පිත දෙයාකාර වේ.

1• ප්‍රකෘති පිත
මෙය දේහය හොදින් පරිපාලනය කරයි. මෙය කටුක බවකින් යුක්තය. සිරුරට සැප ලබාදෙයි.
2• විකෘති පිත
වඩාත් අම්ලාධික වේ. පිත්තජ රෝග ඇතිවිමට දායක වේ. අම්ල පිත්ත රෝගය සෑදීම සඳහා දායක වන්නේ මෙම විකෘති පිත වේ. එනම්, අම්ල පිත්ත රෝගයේදී කෝප වන්නේ මෙම විකෘති පිතයි. මෙය අම්ලාධික නිසා “ඇඹුල් වූ පිත” , අම්ල පිත්තය ලෙසට ව්‍යවහාර වී ඇත.

3. අම්ල පිතට මග කියන අපේ වැරදි.​

අම්ල පිත්ත රෝගය සෑදීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් පවතී. මෙම හේතු නිසා විකෘති පිත කිපීමක් සිදුවේ.

 
1. එකිනෙකට විරුද්ධ ආහාර වර්ග අනුභවය.
2. නරක් වූ ආහාර වර්ග හෝ විශේෂ රසකාරක වර්ග යොදා සාදන ලද ආහාර ශීතකරණ වල
තබා කල්ගත වී ආහාරයට ගැනීම.
3. ඇඹුල් වර්ග වැඩි ආහාර නිතර ආහාරයට ගැනීම.
4. විදාහී ආහාර හෙවත් සැර / දැවිල්ල ඇති කරන ආහාර නිතර අනුභවය.
( රතු මිරිස් යෙදු ආහාර ,විනාකිරි යෙදූ ආහාර ,අබ යෙදූ ආහාර ආදිය )
5. මත්පැන්, කිරෙන් තැනූ මෝරු ආදි පිත ඇවිස්සීමට ලක්කරන ආහාර අනුභවය.
 
මෙම හේතු වලට අමතරව වර්තමානය ජනජීවිතය ආශ්‍රිත හේතු මඟින්ද බොහෝ අවස්ථාවල දී මෙම අම්ල පිත්ත රෝගි තත්වය ඇතිවීම හෝ එය උත්සන්න වීම සිදුවිය හැකිය .
 
1. ක්ෂණික ආහාර වර්ග සහ කෘතීම බීම වර්ග වැඩිවාර ගණනක් භාවිතා කිරීම.
2. බටහිර හෝ ආයුර්වේද ඖෂධ නිසි වෛද්‍ය නිර්දේෂයකින් තොරව භාවිතා කිරීම.
3. විෂ සහිත රැකියා ආශ්‍රිතව සේවය කිරීම.
4. මත්පැන් පානය දුම් පානය (මත්කුඩු වර්ග ගංජා,කංසා…..) හා අන්තරායකර ඖෂධ වර්ග
භාවිතය .
5. නිසි වේලාවට ආහාර නොගැනීම සහ ආහාර ගෙන දිරවීමට පෙර වරින් වර ආහාර ගැනීම.
( ප්‍රධාන ආහාර වේල් අතරතුර ගන්නා වූ ක්ෂණික ආහාර )
6. රාත්‍රියේදී නිදි වැරීම සහ දහවල් කාලයේදී අනවශ්‍ය ලෙසට නිදාගැනීම.
7. මානසික ආතතිය අධික වශයෙන් දීර්ඝ කාලයක් පැවතීම .
මෙවන් හේතු මඟින් අම්ලපිත්ත රෝගය පමණක් නොව තවත් බෝ නොවන රෝග රැසකට පදනමක් වේ.
ඌර්ධවගත අම්ලපිත්ත රෝගය සඳහා විකෘති පිත මෙන්ම සෙමද සම්බන්ධ වේ.අම්ල පිත්ත රෝගයේ බොහෝ දෙනා අතර වඩා සුලභ ආකාරය වන්නේ මෙම ඌර්ධවගත අම්ල පිත්ත රෝගී තත්වයයි. ඌර්ධවගත අම්ලපිත්ත තත්ත්වය අමාශය හා ඉන් ඉහල ප්‍රදේශ තුළ ක්‍රියාකරයි. එනම් ,ආමාශය සහ ගලනාලය / අන්නස්‍රෝතය ආශ්‍රිතව වේ.

4. ඔබ රෝගයට ගොදුරු වූ බව හඟවන ලක්ෂණ.

සෙම සමඟ එකතු වූ විකෘති පිත ඌර්ධවගත අම්ලපිත්ත රෝගයේදී විවිධ රෝග ලක්ෂණ ඇතිකරයි.
eg : ඉරුවාරදය (migrane )
 

• සෙම සහිත වමනය ඇතිකිරීම. (අධික සෙම තත්වයක් පවතී )
• ඔක්කාරය සමග උගුරට ඇඹුල් රසක් දැනේ.

• බඩේ,පපුවේ හා උගුරේ තද බල දැවිල්ලක් ඇතිකරයි.
• තදබල හිසේ කැක්කුමක් ඇතිවිය හැකිය.
• අත්පා වල දැවිල්ලක් හා උණ ගතියක් ඇතිවේ .
• ශරීරය කැසීම සහ ඇගේ පළු දැමීමක් විය හැකිය.
• තීව්ර ආලෝකය හා ශබ්දය දරාගැනීමට නොහැකිවීම ඉරුවාරදය Migraine ඇතිවීමටද මුලික විය හැකිය.

අධෝගත අම්ලපිත්ත රෝගය ඌර්ධවගත අම්ලපිත්ත රෝගය මෙන් සුලභ රෝගයක් නොවේ.මෙහිදී සෙම සම්බන්ධ නොවී විකෘති පිත මඟින් පමණක් රෝගය ඇතිවී රෝගී

ලක්ෂණ පෙන්නුම් කරයි.

• පිපාසය
• දැවිල්ල හා කැරකිල්ල
• ඔක්කාරය
• බඩගිනි අඩුබව
• දහදිය ගැලීම හා සමේ බිබිලි ඇතිවීම
• ශරීරය කහ පැහැති වීම.
 
මුලින්ම මෙම අම්ල පිත්ත රෝගය මුල් අවස්ථාවේදී දැනගත් විට ආයුර්වේද වෛද්‍යවරයෙක් හමුවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සුදුසු වේ.
 

5. මාරාන්තික රෝග වලට අතවනන ඔබ.​

ඔබට අම්ලපිත්ත රෝගී තත්ව ඇත්නම් පළමුව කල යුත්තේ වෛද්‍ය උපදෙස් පැතීමයි. ඊට හේතුව වන්නේ ඔබට එම රෝගී තත්තව හමුවේ වෙනත් රෝගයක් පැවතිය හැකි වීමයි. උදාහරණ ලෙසට පහත රෝග දැක්විය හැකිය
 
1. හෘදයාබාධ
2. ආමාශයේ තුවාල හෝ වණ
3. ආමාශයේ පිළිකා
 4. අග්න්‍යාසදාහය
 
එවැනි ප්‍රතිකාර ලබා ගන්නා රෝගියෙක් මෙන්ම දැනට නීරෝගීව සිටින අයෙකු වුවද නිසි පිළිවෙත් අනුව ජීවත්වන්නේ නම් අම්ලපිත්ත රෝගයෙන් තොර නීරෝගී ජීවිතයක් ගත කළ හැකිය. 

 

6. සුව දිවියකට නිසි පිළිවෙත් අනුගමනය කරමු.​

• දවසේ ප්‍රධාන ආහාර වේල් තුන නිසි වේලාවට මනා කළමණාකාරීත්වයක් ඇතිව ගැනීම .
• ප්‍රධාන වේල් අතරතුරදී මද උණුසුම් උණු වතුර පානය කිරීම.
• ප්‍රධාන ආහාර වේල් අතරතුරදී බඩගින්නක් නොදැනේ නම් කිසිඳු ආහාරයක් නොගන්න,
එසේ ආහාරයක් ගතයුතු නම් පමණක් නැවුම් තෙල් රහිත ආහාරයක් අනුභව කරන්න .(ඒ සමඟම ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය වේ.)
• ක්ෂණික ආහාර, කෘතීම බීම වර්ග, රසකැවිලි වර්ග, තෙල් සහිත ආහාර, අධික සැරක් සහිත ආහාර, ඛේථ ග්‍රන්ථි උද්දීපනය කරන බබල්ගම් වර්ග ආහාරයට නොගන්න.
• තේ, කෝපි පානය අවම කරන්න. ඒ වෙනුවට පලතුරු , ඔසුපැන් හෝ ජලය සඳහා හුරුවන්න.
• රාත්‍රියේ නිදි වැරීම හා අධික කුසීත බවින් දහවල නිදාගැනීමෙන් වළකින්න.
• ආතතිය පාලනය කරගන්න . ආතතිය දුරලීම සඳහා සංගීතයට සවන් දිම, භාවනා කිරීම, පොත් කියවීම සහ තමන්ට උචිත විනෝදාංශයකට යොමුවන්න .
• තද අව්වේ නොසිටින්න.
• මලපහ ,මුත්‍රා පිටනොකර නොසිටින්න.
• අථි මෛථුතන්‍යයෙන් වලකින්න . අම්ලපිත්ත රෝගය සඳහා විශේෂ ආහාර වර්ග කීහිපයක් අගුණ වේ. ඒවනම් ,
• අධික තෙල්,වියළි මිරිස් හා කුළුබඩු යෙදු ආහාර
• ඇඹුල් ආහාර
• අබ, විනාකිරි, රට දෙල්, උෂ්ණ මාළු, කරවල,ගෝව, මුරුංගා, මාළුමිරිස්, අච්චාරු, ලුණුදෙහි, තක්කාලි, හරක් මස්, ජාඩි, චොකලට් වර්ග,පාන්පිටි ආහාර අම්ලපිත්ත රෝගීන් සුවපත් වීමට සහ නීරෝගී පුද්ගලයින් සදහා තවදුරටත් රෝගය නොසෑදීමටද ප්‍රත්‍ය / සුදුසු ආහාර වර්ග පවතී.
• එළකිරි, එලගි තෙල් , දිය බත් , probiotic අඩන්ගු ආහාර
• සියළු පළා වර්ග අමුවෙන් ආහාරයට නොගත යුතුය .හොදින් පිසගෙන ආහාරයට ලබාගන්න .
•තැඹිලි, කුරුම්බා, කැකිරි, කොහිල, පොලොස්, කවුපි, මුංඇට, අනෝදා, ගම්මිරිස්, සුදුළූනු, උලුහාල්, බතල, වට්ටක්කා, පතෝල, වැටකොළු, අළුකෙසෙල්
 
මෙම අම්ලපිත්ත රෝගය සඳහා ප්‍රතිකාර ගැනීම සිදු නොකලහොත් පිත්ත අම්ලය මඟින් ආමාශ බිත්තිය තුවාල වී වණ හටගැනීමක් සිදුවේ. එය රක්තහීනතාවය මෙන්ම පිළිකා තත්ව බවට පත්විය හැකිය.

6. සුව දිවියකට නිසි පිළිවෙත් අනුගමනය කරමු.​

ආයුර්වේද වෛද්‍ය විද්‍යවේදී විවිධ ක්ෂාය වර්ග, චූර්ණ මඟින් මෙම තත්ත්වය ප්‍රත්‍යක්ෂ වශයෙන් සුවකළ හැකිය. අවශ්‍ය වන්නේ රෝගියා අප්‍රත්‍යය හැසිරීම් වලින් වැළකීම හා නිසි ආකාරයට ඖෂධ වර්ග පිළිපැදීමයි.
Gastritis Special Treatments

Hurryup , Contact Us Now