ආතරයිටීස් (හන්ඳි වාතය,ආම වාතය.) Arthritis

1. ආම වාතය රෝගයක් වන අයුරු.​

ආමය යනු අමු නොහොත් නිසි ලෙස නොදිරූ ආහාරය යන්නය. එනම් අර්ධ වශයෙන් දිරවා අවශෝෂණය කර ගත් ආහාරයයි. එම ආමය වාතය විසින්  මෙහෙයවනා ලදුව ඇති වන රෝගය ආම වාතයයි.

2. රෝගය තමා වෙතට කැඳවා ගන්නා ආකාර.​

මෙම රෝගය ඇති වීමට බලපාන හේතු

1) එකිනෙකට පටහැනි වන ආහාර.
2) එකිනෙකට පටහැනි වන ක්‍රියා.
3) කුසගිනි මද බව ( මන්ද අග්නිය)
4) අලසකමින් කල් ගෙවීම.
5) තෙල් සහිත ආහාර අනුභවයෙන් පසුව ව්‍යායාම කිරීම.
පිත අඩුවීම හේතුවෙන් මන්ද අග්නිය ඇතිවේ. ( කුසගිනි නැතුව ආහාර ගැනීමෙන් ආමය ඇතිකරයි)

එකිනෙකට පටහැනි හෙවත් විරුද්ධ ආහාර යනු එකට නොගන්නා ආහාර වන අතර මෙම ආහාර එකට ගැනීමෙන් ශරීරය තුල විවිධ අහිතකර සංයෝග උපදී. තවද කෑ ආහාරය නිසි ලෙස ජීරණය නොවී ආමය උපදී.

මෙලෙස එකට නොගන්නා ආහාර ලෙස,

 
* කිරිබත් සහ මාලු
* මී පැණි සහ ගිතෙල්
* මී පැණි සමඟ වැසි ජලය
* ඉඟුරු සහ මඤ්ඤොක්කා
* අබ තෙලින් බැද ගත් මාලු වර්ග
* ඇඹුල් ආහාර වර්ග සමඟ කිරි
 

විරුද්ධ ක්‍රියා වලින්ද අප ගන්නා ආහාර නිසි ලෙස නොදිරවයි.

 
* ආහාර ගත් පසු නිදා ගැනීම.
* ආහාරයෙන් පසු නෑම.
* ආහාර ගත් පසු ශරීරය වෙහෙසවන ක්‍රියා කිරීම යනාදිය විරුද්ධ ක්‍රියා ලෙස පෙන්වා
දිය හැක.
ආහාරයක් ගත් පසු සුලු නිදිමතක් දැනීම ස්වාභාවිකය. වයසට යාම සමඟ මේ නිදිමත දැනීම වැඩි වේ. ඊට හේතු වන්නේ ආහාර ගත් පසු එම ආහාරය දිරවීමට වැඩි රුධිර ප්‍රමාණයක් ආහාර ජීර්ණ පද්ධතියට අවශ්‍ය වීමයි. එවිට මොලයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වී යන හෙයින් නිදි මතක් ඇති වේ. ආහාරයෙන් පසුව ව්‍යායාම කලහොත් රුධිරය සැපයෙනුයේ ආහාර දිරවීමට නොව ව්‍යායාම වලටය. එවිට අහාරය නිසි ලෙස ජීරණය නොවේ. ඉන් ආමය උපදී. තෙල් සහිත ආහාර යනු ගුරු (බර) ආහාරයි. බර ආහාරයක් ගත් විට එය දිරවීමට වැඩි ශක්තියක්ද, වැඩි කාලයක්ද අවශ්‍ය වේ. වැඩි රුධිර ප්‍රමාණයක්ද අවශ්‍ය වේ. ගුරු/බර ආහාරයකින් පසුව ව්‍යායාම කලොත් ගන්නා ආහාරය කිසිසේත්ම නිසි ලෙස නොදිරවයි. ඉන් ආමය ඇති වී මෙම රෝගය වැලඳේ. කුසගිනි මද බවද සෘජුවම මෙයට බලපායි. යමෙකුට කුසගින්න නිසි ලෙස නොදැනේ නම් ඔහුගේ ශරීරයේ පිත නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. කුසගින්න දල්වන්නේද ආහාර දිරවන්නේද පිතෙනි. පිත නිසි ලෙස ක්‍රියාත්මක නොවන විට ආමය පහසුවෙන්ම උපදී.

3. රෝග ලක්ෂණ ඉතා සංකීර්ණ වේ.​

මෙය ආකාර දෙකකි.

1) සමස්ථ ශරීරයේ ඇති වන රෝග ලක්ෂණ.
2) සන්ධි වල ඇති වන රෝග ලක්ෂණ.

සමස්ත ශරීරයේ වන රෝග ලක්ෂණ

* ඇඟ පත පෙලීම
* ආහාර අරුචිය
* පිපාසය
* අලසකම සහිත ශරීරයේ බර බව
* උණ
* කෑ ආහාරය නොදිරවීම
* අවයවයන්ගේ ඉදිමීම

න්ධි ගත ලක්ෂණ.

මෙය ආකාර දෙකකි.
1) තීව්‍ර අවස්ථාව.
2) ජීර්ණ අවස්ථාව.

තීව්‍ර අවස්ථාවේ ලක්ෂණ.

රෝගය සෑදුණු වහාම පෙන්වන ලක්ෂණයි. කල් නොගිය රෝග ලක්ෂණයි.

* ප්‍රධානම ලක්ෂණය අධික වේදනාවයි. ආයුර්වේදයේදී මෙම වේදනාව ගෝනුස්සකු විසින්
විදින ලද වේදනාවට සමාන කර ඇත.
* අත්, පා, හිස, විලුඹ, තුනටිය, දණ හිස, දෙකලවා යන ස්ථාන වල ඉදිමුම.
* සන්ධි වල තද බව.
* සන්ධි වල ක්‍රියා හානිය.

ජීර්ණ ආම වාතයේදී පෙන්වන ලක්ෂණ.

කල් ගත වන විට පෙන්වන ලක්ෂණයි. රෝගය සෑදී වසර 10, 15ක් ඉක්මවූ පසු මෙම ලක්ෂණ පෙන්වයි. කල් ගත වන විට රෝග ලක්ෂණ ස්වාභාවිකවම අඩු වී යයි. එවිට උපරිම ලක්ෂණ දැකිය නොහැක.
* ඉදිමුම අඩු හෝ සම්පූර්ණයෙන්ම නැත.
* තද වේදනාවක් නැත. ඇවිදින විට, සෙලවෙන විට, නවන විට සුලු වේදනාවක් ඇති වියහැක. නමුත් පෙර මෙන් ප්‍රභල නැත.
* සන්ධි වල තද බව සහ ක්‍රියා හානිය වැඩි වී ඇත.
* අතපය දිග හැරීමට අමාරු, වකුටු වන, ඇවිදින්න බැරි වන අවස්ථාව මෙයයි.
* සන්ධි ඇද වන ,ඇවිදින්න බැරි වන එක්තැන් වන අවස්ථාව මෙයයි.

4. නිරෝගී දිවියක සිහිනය සැබෑ කරගමු.​

රෝගය වලක්වා ගැනීමට කල යුතු දේ.

* ආහාරයෙන් පසුව එක තැන සිටීම, නිදා ගැනීම, ස්නානය නොකල යුතුය.
* දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය පානය කල යුතුය.
* ව්‍යායාම වල නිරත විය යුතුයි.
* නිතර ගුරු (බර) ආහාර ගැනීම නතර කල යුතුයි.
* ප්‍රධාන ආහාර වේල් වලට අමතරව බර ආහාර ගැනීම නොකල යුතුයි.
* තෙල් අධිකව අඩංගු ක්ෂණික ආහාර (රෝල්ස්, පැටිස්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු වැනි) වලින්
වැලකිය යුතුයි.

5. රෝගයේ මරමස්ථාන

පාදයේදී ප්‍රධාන වශයෙන් දැකිය හැකි වන්නේ දණහිස සන්ධිය, උකුල සන්ධිය, බොලට සන්ධිය (වළලුකර) ලෙසිනි.
ත්වලදී උරහිස සන්ධිය, වැළමිට සන්ධිය, මැණික්‌කටුව ආශ්‍රිත සන්ධි ස්‌ථාන සහ අත් පාදවල ඇඟිලි පුරුක්‌ ඇසුරු කළාවූ විවිධ වූ සන්ධි තුළ වාත රෝග පැන නගී. ඊට අමතරව කොඳු ඇට පෙළ අස්‌ථි සන්ධි සහ ශරීරයේ සෙසු අවශේෂ සන්ධි වල සන්ධි ගත වාත රෝගයන්හිදී පීඩාව ඇති කරයි. මෙහිදී සන්ධි ස්‌ථාන 2 ක්‌ එකට එකතුවන අවකාශ ස්‌ථානයන් දූෂිත වාතයන් සහ අනුබද්ධ අනෙකුත් දෝෂයන් සමඟ එකතුවී පීඩාකාරී සන්ධිගත වාත වේදනා උපදවාලයි.
සන්ධිගත වාත රෝග ඇති කරන අනෙකුත් දෝෂයන්,. මෙහිදී වාතය සමඟ අනුබද්ධ වන දූෂිත කප (සෙම), දූෂිත පිත, දූෂිත රක්‌තය දූෂිත ආමය (දූෂිත රස ධාතුව ආමය නිර්මාණය කරයි.) අනෙකුත් දෝෂ ලෙස විග්‍රහ කළ හැක.
Causes

The two main types of arthritis — osteoarthritis and rheumatoid arthritis — damage joints in different ways.
Osteoarthritis The most common type of arthritis, osteoarthritis involves wear-and-tear damage to your joint& cartilage — the hard, slick coating on the ends of bones where they form a joint. Cartilage cushions the ends of the bones and allows nearly frictionless joint motion, but enough damage can result in bone grinding directly on bone, which causes pain and restricted movement. This wear and tear can occur over many years, or it can be hastened by a joint injury or infection. Osteoarthritis also affects the entire joint. It causes changes in the bones and deterioration of the connective tissues that attach muscle to bone and hold the joint together. It also causes inflammation of the joint lining. Rheumatoid arthritis In rheumatoid arthritis, the body&  immune system attacks the lining of the joint capsule, a tough membrane that encloses all the joint parts. This lining (synovial membrane) becomes inflamed and swollen. The disease process can eventually destroy cartilage and bone within the joint.

Risk factors

Risk factors for arthritis include:

1. Family history. Some types of arthritis run in families, so you may be more likely to develop arthritis if your parents or siblings have the disorder. Your genes can make you more susceptible to environmental factors that may trigger arthritis.
2. Age. The risk of many types of arthritis — including osteoarthritis, rheumatoid arthritis and gout — increases with age.
3. Your sex. Women are more likely than men to develop rheumatoid arthritis, while most of the people who have gout, another type of arthritis, are men.
4. Previous joint injury. People who have injured a joint, perhaps while playing a sport, are more likely to eventually develop arthritis in that joint.
5. Obesity. Carrying excess pounds puts stress on joints, particularly your knees, hips and spine. People with obesity have a higher risk of developing arthritis

Our Arthritis treatment​

  • Treatment for osteoporosis
  • Treatment for Gout Arthritis
  • Knee pain දණහිස් වේදනා
  • Joint pain හන්දි වේදනා

Hurryup , Contact Us Now